This free survey is powered by
0%
Exit Survey
 
 
1. සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සදහා විවාහ වීමට ඉතා සුදුසු යයි ඔබට හැගෙන වයස් කාණ්ඩය මින් කුමක්ද?
 
a) 20-25
 
b) 25-29
 
c) 30+
 
 
 
2. ඉහත ඔබ තෝරාගත් වයස් කාණ්ඩය තුල ඔබගේ විවාහය සිදුකිරීමට ප්‍රායෝගික හැකියාවක් පවතී යයි ඔබ සිතන්නේද?
 
a) ඔව්
 
b) නැත
 
c) පැහැදිලි අදහසක් නැත
 
 
 
3. ඔබ සිතන පරිදි මින් කුමක් සාර්ථක විවාහයකට වඩා වැඩි දායකත්වයක් සපයයිද?
 
a) ප්‍රේම සබදතාවක් මත ඇතිවූ විවාහයක්
 
b) යෝජිත ව්වාහයක්
 
c) එකී පදනම් ද්විත්වයම සමාන දායකත්වයක් සපයයි
 
 
 
4. ස්වාමියා සතුව භාර්යාව කෙරෙහි යම් පාලනයක් පැවතීම කෙරෙහි ඔබ දක්වන ආකල්පය මින් කුමක්ද?
 
a) කිසිදු පාලනයක් නොතිබිය යුතුය
 
b) දැඩි ලෙස පාලනය කළ යුතුය
 
c) යම් අවස්ථා වලදී යම්කිසි දුරකට පාලනයක් තිබීම සුදුසුවේ
 
 
 
5. දෙදෙනා අතර තමතමන්ට ආවේණික වූ පෞද්ගලිකත්වයක් පැවතීම (උදා- තමාට පමණක් සීමා වූ යම් රහසක්) පිළිඹද ඔබේ ආකල්පය කෙබදුද?
 
a) විවාහය නිසා තම පෞද්ගලිකත්වය කිසි ලෙසකත් අහිමි කර නොගත යුතුය
 
b) සාර්ථක අන්‍යෝන්‍ය සබදතාවයකට එසේ රහසිගත වූ කාරණා පැවතීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය
 
c) රහසිගතව තබා ගත යුතු දෑ එසේ තබා ගත යුතු මුත් හැකිතාක් එසේ අනන්‍ය පුද්ගලිකත්වයක් පවත්වා ගැනීම අවම කළ යුතුය
 
 
 
6. ඔබේ සහකරු/සහකාරිය තුලින් ඔබේ මව/පියා තුල පැවති චරිත ලක්ෂණයන් දැකීමට අපේක්ෂා කරන්නේද? (ඔබේ අපේක්ෂාව මව වැනිම බිරිදක්, පියා වැනිම සැමියෙක් ද)

 
a) ඔව් අනිවාර්යයෙන්ම
 
b) කිසිසේත්ම නැත
 
c) එසේ පවතින්නේ නම් ඒ පිළිඹදව සතුටු වෙමි
 
 
 
7. ඔබේ සහකරු/සහකාරිය ඔබේ හොදම මිතුරා/මිතුරිය විය යුතු යයි ඔබ සිතන්නේද?
 
a) ඔව්
 
b) නැත
 
c) හොදම මිතුරෙකු ජීවිතයට අවශ්‍ය නැත
 
 
 
8. ආදරය ඇතිවීම හා එහි පැවැත්මට බාහිර ආකර්ෂණය බලපෑමක් සිදුකරයිද?
 
a) ඔව්. ආකර්ෂණයක් නොමැතිව ආදරයක් ඇති නොවේ
 
b) නැත. ආදරය හා ආකර්ෂණය අතර සම්බන්ධයක් නැත
 
c) යම්තාක් දුරකට බලපෑමක් ඇති කරයි
 
 
 
9. ඔබේ සහකරු/සහකාරියගෙන් ඔබ කෙරෙහි ගරු කිරීමක් අපේක්ෂා කරන්නේද?
 
a) ඔව්. එය අත්‍යාවශ්‍යය
 
b) නැත. එය අදාල නොවේ
 
c) පැහැදිලි අදහසක් නොමැත
 
 
 
10. ජෝතිෂ්‍යානුකූල බලපෑම හා කුල භේදය විවාහය කෙරෙහි කෙතරම් දුරකට බලපෑමක් සිදුකරන්නේද?
 
a) ප්‍රබල ලෙස බලපායි. අනිවාර්යයෙන්ම ඊට අනුගත වෙමි
 
b) කිසිදු බලපෑමක් නැත. කිසිසේත් අනුගත නොවෙමි
 
c) ඒ පිළිඹද මා තුල පිලිගැනීමක් නොමැති වුවද සාමාජ සම්මතයට හිස නැමීමට සිදුවේ